RSS
https://www.beadsandfindings.net

Wednesday, March 10, 2010

සුදු අයියා 1 වන කොටස

මුලු රෑ පුරාම නිදිමරමින් කල්පනා කරමින් සිටි මම නිදි ‍දෙව්දුවට තුරැල් වුනේ කොයි ‍වෙලාවකදැයි නොදන්නෙමි. සීතල මීදුම් පිරිච්ච හිමිදිරි පාන්දරින්ම මම අවදි වුනේ අලුත් උදෑසනට අලුත් බලාපො‍‍රොත්තු ගොන්නක් පොදි බැදගෙන.වෙනදට වැඩට යන්න බැරි තරම් හිතට කම්මැලි කමක් දැනුනත් ඊයෙ වැඩට යද්දි මුණ ගැසුන මූණ මට එලි වෙන තුරැම සැරින් සැරේ මතකයට ආවා එයා බස්එකට නැගල මාත් එක්ක හිනා වුනේ මාව ගොඩක් කාලයක ඉදල දන්න ගානට ඒක සංසාර පුරැද්ද වෙන්න ඇති ඉතින් එයා මගෙ ලගට ඇවිත් මාත් එක්ක කතා කරන්න ගත්තා
''කොහොමද කොහෙද යන්නෙ මල්ලි''
''මම වැඩට යනවා ''
''ඔයා කො‍හෙද වැඩ මම අද වැඩ නෑ සපත්තු දෙකක් ගත්තා මාරැ කර ගන්න යනවා බැංකුවටත් යන්න තියෙනවා''
''ඉතින් අයියෙ මටත් අද පරක්කු උනා ''
''ඔයාගෙ Number එක මොකක්ද''
''077.......... මම කෝල් එකක් දෙන්නම් ''
මම වැඩපලට යන විට 9.15ට විතර ඇති .ඊට පස්සෙ කෙලින්ම ගියෙ බැංකුවට බැංකුවෙ පොඩි වැඩ වගයක් තිබුනා නිකමට වගේ මට අයියගෙ නම්බර් එකට කෝල් එකක් ගන්න හිතුනා. මම නම්බර් එක ඩයල් කලා මෙන්න රින්ග්ස් යනවා මම කට් කරන්න හදන කොටම මෙයා පොන් එක් ඉස්සුවා එතකොට මම කට් කරල ඉවරයි අපරාදෙ මට කට් නොකර ඉන් තිබුනේ අයෙ ගන්නත් බෑ ඒත් එකක්ම මට sms එකක් ආවා මල්ලියො ඔයාගෙ කැපුනනේද කියලා කොහොම හරි හවස් වුනා හවස් වෙන කොට මට ඉන්න බැ අයියාව හම්බවෙන්නම හිතුනා එයාලගෙ ගෙවල් අපේ ගෙදර ඉදල කිලෝමීටර් 3 විතර දුරින් තිබුනෙ මම ඒ ගෙවල් පාරේ ගිහින් තියෙනව හැබැයි හරියටම ගේ දන්නෑ එයා මට 6.30 ට විතර කතා කලා මම මග බලාගෙන හිටියෙ කතා කරනකම්
''ඉතින් මල්ලි මොකද කරන්නේ''
''කම්මැලියි අයියෙ වැඩකුත් නෑ ''
එහෙනම් එන්න අපේ දිහා මම තාම ටවුන් එකේ ඉන්නේ ඔයා අපේ හන්දියට එන්න මම ඉක්මනට එන්නම් ''
''අම්මේ මම හන්දියට ගිහින් එන්න යනවා රෑ වුනොත් යතුර තියන්න '' අම්මා හා කියන්නත් කලින් මම බයිසිකලෙත් අරගෙන ඉගිල්ලුනා. මම යනකොට අයියා ඇවිත් හිටියා.
''ඔයා ගොඩක් වෙලාද අයියෙ ඇවිත්''
''නෑ දැන් ආවේ මට ගොඩක් බඩගිනියි අර කඩෙන් මොනව හරි කමුද?''
'' හා කොහෙට හරි අරන් ගිහින් කමු''
'' එහෙනම් මරැ තැනක් තියෙනවා එතනට ගිහින් කමු"
'' කොහොම තැනක්ද ''
'' යන්කො ගිහාම පෙ‍නෙයි''
අපි කඩේන් ආප්පත් අරගෙන ඒ පාර දිගේ ගියා. ඒ පාර ඉවර වෙන්නෙ වෙලක් ලගින් වෙල මැදට වෙන්න ලොකු ගලක් පැත්තකින් කැලේකින් වැහිලා එදා හොදට හදත් පායලා
කොහොම හරි අපි දෙන්නා ගල පහලට වෙන්න ඉදගත්තා පහල වෙල් යාය ගොයම් කපලා හිස් වෙලා තිබ්බා හද එලිය ඒ වෙලාවෙ අමුතුම ලස්සනක් ගෙනාවා ඒ මොහො‍තත් එකක් ඒක මට ලස්සනට පෙනෙන්නත් ඇති
''ඉතින් මටනම් බඩගිනියි ආප්පකමුද ''
'' කමු කමු කන ගමන් කතා කරමු''
ඉතින් අපි එතන්ට වෙලා ආප්ප කෑවා කලා මම ටිකක් ගල උඩ ඇල වුනා අයියත් මගෙ ලගට ආවා මම එයාගෙ ඔඩොක්කුවට ඔළුව තියා ගත්තා